Sunday, March 3, 2013

මේ කතාව මට ඇත්තටම වෙච්ච දෙයක්

ඔන්න ඩෙස්මන් අය්යට එල කොල්ලෙක් සෙට් වුනා.
REAL GHOST.ෆේස් බුක් පේජ් එකක ඇඩ්මින් කෙනෙක්.
පේජ් එකේ තනිකරම තියෙන්නේ හොල්මන් කතා.
මමත් ඉතින් ඒ පැත්තට කැමති නිසා මේ මේ පේජ් එක වෙන් කරා බුවාගේ කථා පබ්ලිශ් කරන්න.හැබැයි ඒවා ඔක්කොම ඇත්ත කතා.
විශ්වාස කරන එක හෝ නැති එක ඔයාලගේ කැමැත්තක්.එහෙනන් අද ඉදලා මේ පැත්තටත් ඇවිල්ලා යන්න............................................................................................................................................................................





මේ කතාව මට ඇත්තටම වෙච්ච දෙයක්. අපේ ලොකුතාත්තා කෙනෙක් නැතිවුනා මීට අවුරුදු කීපයකට කලින් පපුවේ අමාරුවක් හැදිලා තමයි නැති වුනේ. එයාගේ මිනිය භූමදාන කලේ නැහැ ආදාහනයක් තමයි කරන්න ලෑස්ති කලේ. ඒකට සොහොන ගැහුවෙත් ඒගොල්ලන්ගේ ගෙදරට ඉඩම් දෙකකට එහායින් තියෙන රබර් කෑල්ලක. ඒකෙ තමයි ඒගොල්ලන්ගේ ආච්චිලා සීයලා හැමෝගෙම සොහොන් තියෙන්නෙ. මේ සිද්ධිය වුනේ ආදාහනය කරන දවසේ.
කට්ටියම පෙරහැරේ ගිහින් මිනි පෙට්ටිය සොහොනෙ තියලා ආදාහනයත් කරා. අපි ඉතින් මිනිය දැවිලා ඉවරවෙනකන් හිටියේ නැහැ ටිකක් වෙලා ඉදලා ආවා. එතන කට්ටියක් හිටියා ඒක බලන්න. ඉතින් මල ගෙදරට ආපු හැමෝමත් ආපහු ගියා. අපි මහන්සියට නිදාගත්තා. හවස් වෙලා ඇහැරුනාම පේනවා අයියායි ( අයියා කිවුවේ ඒ ලොකුතාත්තාගේ පුතා) එයාගෙ යාලුවොයි ටිකක් කලබලෙන් වගේ එහෙට මෙහෙට දුවනවා වගේ. අපි ඇහුවට කාරනේ කිවුවෙත් නැහැ. අයියා සැරෙන් සැරේ ලාම්පුතෙල් බෝතල් අරන් යනවා අපේ තාත්තා දැකලා එයාට සැක හිතිලා ඇහුවලු. එතකොට තමයි කියල තියෙන්නේ අර මිනියේ පපුව කොටස පිච්චෙන්නෙ නැහැලු. කොච්චර ලාම්පුතෙල් ගැහුවත් වැඩක් නැතිලු. ඉතින් එක අයියා කෙනෙක් ගිහින් පන්සලෙන් පිරිත් පැන් ඉල්ලන් ඇවිත් මිනියට ඉහලා ආයේ ලාම්පුතෙල් ගහලා පිච්චුවලු ඒත් පිච්චිලා නැහැ.
පස්සෙ තාත්තා පන්සලට ගිහින් හාමුදුරුවන්ට කාරණය කිවුවම හාමුදුරුවෝ ඇබිත්තයා ගෙන්නලා අහලා. පන්සලේ පිරිත්පැන් ඉවරවෙලා තිබිලා ඒ කොල්ලා ටැප් එකෙන් වතුර අරන් දීල පිරිත් පැන් කියලා. ඒක මිනිස්සුන්ගේ හිතේ තියෙන විස්වාසයක්නෙ කියල තමයි ඒ ඇබිත්ත කොල්ල හිතල තියෙන්නෙ. ඊට පස්සෙ හාමුදුරුවො හනිකට වතුර ටිකක් ගෙන්නලා පිරත් කරලා දුන්නලු මිනියට ඉහින්නයි ගෙදර ඉන්න හැමෝටම බොන්න දෙන්නයි ගෙට ඉහින්නයි. ඒ පිරිත් වතුර ටික මිනියට ඉස්ස විතරයි චූස් ගාලා වගේ සද්දෙකුත් එක්ක වතුර ටික අර මස් කෑල්ලට උරාගත්තලු ඒත් එක්කම වටෙන්ම ගින්දර ඇවිත් ඒක පිච්චුනාලු. එතකොටම අර රබර් වත්තෙ රබර් ගස් මුදුන් මහ හුලගක් එක්ක කැරකිලා කැරකිලා ගියාලු. ඕව ගැන සත පහකට වත් විස්වාස නොකරපු අයියාත් හොදටම බය වෙලා. තව ඒ අයියගේ යාලුවෙක්ට එතනම බයටම මුත්‍රා පිටවෙලා. එයාගෙ නම කියන්න බෑ එයත් ෆේස් බුක් ඉන්නවා. නෝන්ඩිනේ.
ඊට පස්සෙ හත් දවසෙ දානෙ වෙනකන් ලොකු අම්මා හොදටම අසනීප වුනා. එදා ආපු හාමුදුරුවො කිවුවේ ඒ පපුවේ තියෙන තෙල් කොටස වෙන අය අල්ලගෙන හිටපු නිසා තමයි පිච්චුනෙ නැත්තෙ කියලා. ඊට පස්සෙත් තව සිද්ධි කීපයක් වුනා ඒ ගෙදර. ඕක තමයි කතාව.

No comments:

Post a Comment